ලිපි



රැප් කලාවේ smokiyo




සංගීතයට ඇලුම් කරන යොවුන් පරපුර අතර ”රැප්” කලාවට ඇත්තේ ඉහළ ජනප්‍රියතාවයකි.  රැප්” යන පදය බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි බසෙහි භාවිතයට ගැනීම දහසයවන ශත වර්ෂයේ දී පමණ සිදු වී ඇත. අතීතයේ සිට අප්‍රිකානු හා ඇමරිකානු උප භාෂාවන්හිදී භාවිතයට ගත් වචනයක් වුවත් එය සංගීතමය අරුතකින් භාවිතයට ගැනීම සිදු වීම මෑත කාලයේ සිට සිදුව ඇත. 
1990 දශකයේ අගභාගයේදි හිප්පොප් සංගීතය ජනප්‍රයි විමත් සමග රැප් කලාවද බෙහෙවින් ජනප්‍රිය විය. රැප් කලාව මුලින්ම රස විදීම සිදුවන්නේ 2002 වර්ෂයේදීය. ඒ දැනට සිටින රැප් සංගීත ශිල්පීන්ගෙන් සාර්ථකම අයෙක් වන Eminem  හෙවත් මාෂල් මැතර්ස් ගේ The Eminem Show ඇල්බමය තුලිනි. ඒසේම  2Pac yd Dr’ Dre  රැප් සංගීතයේ හදවත ලෙස දක්වයි. අප්‍රිකාව ඇමරිකාව වැනි විදේශයී රටවල් හි ජන්මය ලබා ශ්‍රී ලංකාවට පැමිණි රැප් සංගීත කලාව හා බැදී ඇත්තේද ජනප්‍රිිය සංස්කෘතිය වේ. 
ශ්‍රී ලංකාවේ නිර්මාණය වු මඩුක්කුවෙන් එළියට නමින් හැදින්වෙන රැප් සංගීත නිර්මාණයෙහි නිර්මාණ කරුවා වන Smokiyo හෙවත් කෙවින් ද සිල්වාගේ සංගීත දිවිය ආරම්භ වීම හා ඔහුගේ චරිතය අධ්‍යනයේ දී ජනප්‍රිය සංස්කෘතිය තරුණ ජීවිත සඳහා කෙතරම් බලපෑමක් සිදුකරන්නේ ද යන්න ඉතා හොදින් පැහැදිලි වේ. වර්තමාන තරුණ තරුණියන් අතර ඉතාමත් ජනප්‍රිය වු නමක් ලෙස Smokiyo  පෙන්වාදිය හැකිය. 44 කල්ලිය නම් වු සංගීත කණ්ඩායම හරහා  කරලියට පැමිණෙන ඔහු   ,
Ø  මුඩුක්කුවෙන් එළියට
Ø  ගතිය රස්තියාදු
Ø  අදාල නෑ
Ø  කවුද මම
Ø  ආදරෙන් වෙලිලා
Ø  ශාන්ති
ආදී වූ ලංකාව තුළ ජනප්‍රිය වු රැප් ගීත ගායනා කර ඇත . ඒ අතර මුඩුක්කුවෙන් එළියට ගීතය ඉතාමත් ජනප්‍රිය වු ගීතයකි. 
වයස අවුරුදු 23 ක් වන ඔහු වර්තමානය වන විට රිල්හේන මිතුරු මිතුරෝ ආයතනයේ පුනරුත්තාපනය ලබයි. එයට මුලිකම හේතුව ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටීම වේ. එයින් මිදීම සඳහා ඔහු බෝධානන්ද ස්වාමීන් වහන්සේ යටතේ පුනරුත්තාපනය වෙමින් සිටි. ඔහු වයස අවුරුදු 12 ක් වැනි කුඩා කාලයේ දීම මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අතර එයට මුලික හේතුව ලෙස ඔහු කියා සිටින්නේ තමා අවට තිබු සමාජ පරිසරයත්, ඔහු නැරඹු ගීතයන් හා එහි සමාජ වටපිටාව තුළ පැවති ජනප්‍රියයයි පවසන සියල්ල අනුකරණය සඳහා ඔහු පෙළබුනු බවයි.  Smokiyo ප්‍රසිද්ධ වේදිකාව තුළ ගීත ගායනා කරමින් පවා මත් ද්‍රව්‍ය භාවිත කරනු දක්නට ලැබේ. 

Big boy , Rakim , Andre , Afrika Bamqta වැනි රැප් ගායන ශිල්පීන්ගේ ඉරියව් හා ඔවුනගේ විලාසිතා
අනුකරණයට ද පුරුදුව සිට ඇත. ඇදුම් විලාසිතාව, Rap cap ලෙස හදුන්වනු ලබන හිස්වැසුම, පාවහන් , කොන්ඩ මෝස්තර, ටැටු,  හැසිරිම් රටා ආදී සියල්ල ජනප්‍රිය යයි සලකනු ලබන රැල්ලේ ක්‍රියාකාරකම් සදහා ඔහු යොමු විය. 
වර්තමානය වන විට ඔහු  මත්ද්‍රව්‍ය නිසා විනාශවීමට ගිය තම ජීවිතය එයින් මුදා හැර යහපත් ලෙස ජීවත් වීමට පුනරුත්තාපනය වෙමින් සිටි ඔහු ප්‍රකාශ කරන පරිදි සංගීතය, මත් ද්‍රව්‍ය පානය හා ටැටු ගසාගෙන සිටීම තුළින් තරුණයෙකුගේ පෙනුම වර්ධනය වනවා සේම තරුණයෙකු නම් එසේ ජීවත් විය යුතු බව තදින් ම විශ්වාස කල බවයි. මේ සියලු සිතුම් පැතුම් ජනප්‍රිය සංස්තෘතිය හරහා ශ්‍රී ලාංකේය සමාජයට ආගමනය වු ලක්ෂණයන් වේ. කෙවින් අප රටේ සංස්කෘතියට වඩා බටහිර සංස්කෘතියට පෙම් බැන්ද අයෙකු ලෙස ජනප්‍රිය යැයි පවසන බටහිරට ආවේනික වු ගති ලක්ෂණයන් අනුකරණයට යොමු වු පුද්ගලයෙකි.  
Smokiyo හෙවත් කෙවින් ද සිල්වා නම් වු තරුණයා රැප් ගායනයේ දක්ෂයෙකු වුවද ඔහු එම දක්ෂතාවය වර්ධනය කර ගනිමින් ජනතා අතරට යාමට තොරාගනු ලැබුවේ මත් ද්‍රව්‍ය වේ. රැප් සංගීත කලාව කරන්නට නම් මත්ද්‍රව්‍ය අත්‍යාවශ්‍ය බව ඔහු බටහිර සංගීත වීඩියෝ හරහා මෙන්ම සමාජ ආශ්‍රය තුළින් ද පසක් කරගත් අතර ජනප්‍රියත්වය  මුදල් , මත්ද්‍රව්‍ය හා තරුණියන් ආශ්‍රය කිරීම ජීවිතය ලෙස විශ්වාස කරමින් කටයුතු සිදු කර ඇත . 

නමුත් වර්තමානය වන විට පුනරැත්තාපනය වීමෙන් පසු ඔහු නැවතත් රැප් ගායනා සිදුකරනු ලබන අතර එම ගායනා තුළ ශ්‍රී ලාකේය අනන්‍ය තාවයට හානි සිදු නොවන අයුරින් නිර්මාණයන් සිදු කර ඇත. ඔහුගේ චරිතයද යහපත් බවින් යුතු වී ඇත. අවසාන වශයෙන් ඔහු ජනප්‍රිය සංස්කෘතිය තුළ අයහපතින් මිදී යහපත් දිවියක් ගත කිරිමට යොමු වීම ඔහුගේ දිවියේ ලද භාගයකි. 

No comments:

Post a Comment