Sunday, June 9, 2019

ආගන්තුක සෙයිලමේ ඇත්තිය




                 පාන්දර 5.45 යි වෙලාව  හනික මම මගේ ලොකු බෑග් දෙක රැගෙන යාල්දේවියට නැංගෙමි. මා කෝච්චියකින් යන දෙවන වතාවයි. මා හට පුංචි පොල්අතු පැලෙන් ඈත් වු වේදනාව පහව ගියේ කෝච්චියෙන් යාමට කුඩාකල සිටම දැක්වු ඉමහත් ආශාව නිසාවෙනි. ලා හිරු රැස් මුහුණට පතිත වී රශ්මිය සහිත ආලෝකයක් දිස්වනවාත් සමග මා  අඩ නින්දෙන් අවදිවිණි. ඒ වනවිට කෝච්චිය ස්ටේෂන් හතරක් පහක් ගෙවාගෙන ඉදිරියට ගොස් තිබුණි. ඉස්සර තාත්තගේ පුට්සයිකලේ ලැගේජ් එකේ ඉදගෙන වෙල්යාය මැදින් ටවුමට යන මට දැනෙන සිසිල් සුළග, කුඩා කුඩා ගෙවල් හා තැන තැන ගොඩගැසූ කුණු කදු පසුකරගෙන ඉදිරියට ඇදෙමින් පවතින යාල්දේවියගේ ඉදගත් මට නොදැනුණි. 
      
 යන්තමින් එකොළහ වසර දක්වා පාසැල් අධ්‍යාපනය ලැබුයේ දහසක් වූ අගහිගකම් මැදය. මා දහ වන වසර ඉගෙනුම ලබද් දී මුදලාලිගේ වත්තේ පොල් කඩන්නට ගොස් පොල් ගහෙන් ඇද වැටී තාත්තා මියගියායින් පසු ගෙදර අගහිගකම් බොහෝමයක් විය. අම්මා වේල දෙවේල කුසට නොකා යන්තමින් අපේ කුස පිරවූයේ වත්තේ රබර් ගහක් ගානෙ ගොස්  කිරි කැපීමෙන් ලැබෙන සොච්චම් මුදලිනි. නමුත් ඒ ලැබෙන මුදල මගෙත් නංගිලා දෙන්නගෙ සහ හිච්චි මල්ලියාගේ කුස පුරවන්නටත් අපේ අධ්‍යාපන කටයුතු සදහාත් කොහෙත්ම ප‍්‍රමාණවත් මුදලක් නොවුනු නිසාවෙන් අම්මාට වෙන කිසිදු විකල්පයක් නොමැතිවීම නිසා හිතට එකග නොවී වුවද මා පාසැල් ගමන නවතාදමා අවුරුදු දහසයක් තරම් වූ කුඩා වයසකදී රැකියාවක් සදහා කටුනායක යාමට ගත් තීරණයට එකග වීමට සිදු විණි. මා හට ඒ සදහා උදව් කලේ මාවරමණ්ඩියේ සිටි අම්මගේ බාල නංගි විසිනි. ඈ දෙසැම්බර් මස නිවාඩුවට ආ ගමන් මේ බව අම්මාට කියා තිබීම නිසා මගේ ගමන ස්ථිර විය.
       
කෝච්චියට ගොඩවන විට තිබුණු සතුට කොළඹට ආසන්න වෙද්දී මගේ හිතින් පහව යන්නේ ගෙදරින් පිටවන විට අම්මාගේ ඇස්වලින් සට සට ගා වැටුණු කදුලූ කැට මතක්වෙද්දීය. ඈ පිලේ හිදගෙන හිච්චි මල්ලීට කිරි පොවමින් සිටියාය. පොඩි එකාගේ කටේ තන පුඩුව ඔබාගෙන සිටියත් කෙසග සිරුරක් හිමි වු මාගේ මවට මල්ලිගේ බඩ පිරවිමට කරම් ප‍්‍රමාණවත් කිරි තන පුඩුවේ නොවුණි. අම්මාවත් නංගිලා දෙන්නත් හිච්චි මල්ලියාවත් මේ කරුම ජීවිතයෙන් ගොඩ ගෙන ඔවුන්ට සැපවත් ජීවිතයක් ගත කිරීමට සිදුකල හැකිව තිබූ එකම මාර්ගය මා රැකියාවක් කිරීමයි. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඔවුන්ගෙන් වෙන්ව සිටීමට මා හට හිත හදාගන්නට සිදු වුණි.
      
 කොළඹ කොටුවට ආසන්න වෙද්දී අම්මා කියූ විස්තර පරිදි මාවරමණ්ඩියේ පුංචි අම්මාගේ විස්තරත් මාව කොලඹින් රැගෙන යාමට පැමිණෙන පුද්ගලයාගේ නම සහ විස්තර ඇතුළත් වූ කොළ කැබැල්ලත් අතට ගතිමි.  මගේ හදගැස්ම වැඩිවන්නට විය.

මාව ගන්න කවුරුන් පැමිනෙයිදමට රැකියාවක් ලැබෙයිදහොද මුදලක් ඔවුන් මට ලබා දෙයිද ?

වැනි ගැටලූ රාශියක් පෙලින් පෙලට එකා පසුපස එකා යන කුහුඹුවන් සේ එක දිගට මාගේ හිතට එන්නට පටන් ගත්තාය. එවිට මට සිහිගැන්වූයේ මගේ අතට ගණන් ප‍්‍රශ්ණපත‍්‍රය ලැබුණු මොහොතයි. මම කෝච්චියෙන් බැස ගත්තෙමි. බෑග්දෙක කකුල් දෙක පාමුල තබාගෙන වටපිට බලමින් සිටි මට කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් ඉතා කලබලයෙන් එහෙ මෙහෙ යන මිනිසුන් මැද අම්මාගේම හැඩරුව ඇති කාන්තාවක ඈතින් හදුනාගැනීමට හැකිවිය. මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ මා නන්නාදුනන කෙනෙකු මෙහි නොඑවා පුංචි අම්මාම මා ගැනීමට පැමිණීම නිසාවෙනි. 
       ‘ආ.....  සුදු නෝනා
මම මේ හොයාගන්න බැරුව හිටියේ මේ මිනිස්සු ගොඩ අස්සෙ
උඹ කලබල උනා ද ?’
ඔව් පුංචි අම්මේ.....  මම මේ බැලූවේ මෙතනින් එලියට යන්නේ කොහොමද කියලා’
(හිස අතගාමින්)
මයේ කෙල්ලේ ...........  උඹ බය වෙන්න එපා දැන් මං ඉන්නවනේ ’

මගේ පය පාමුල තිබුණු බෑගය පුංචි අම්මා අතට ගෙන ඉදිරියෙන් ගමන් ගත්තාය. මම ඇයව අනුකරණය කරමින් පිටුපපසින් ගමන් ගත්තෙමි. අපි කොළඹ කටුනායක කියා නම සදහක් කර තිබූ බසයක නැගී වෙළ`ද කලාපය බලා ගමන් කළෙමු. 
පුතේ....... ’

කියමින් පුංච් අම්මා කතාකරනවාත් සම`ගම වටපිට බලමින් විමතියට පත්ව තිබූ මගේ හිත නැවත එක තැනකට විත් ඇයගේ කටහ`ඩට සවන් දුනිමි. 

වැඩපල ළගපාතින්ම ඔයාට ඉන්න තැනක් මම හරිගැස්සුවා
ගිහිල්ලම බලලා මට කියන්නකො හොදද කියලා ’
       
මම හිසවනා ඇයගේ ප‍්‍රකාශය පිළිගත්තෙමි. ඇය ජනේලයෙන් පිටත බලගත්තාය. බහින තැන ලං වූ වි`ගස ඈ හරිබැරිගැහී බෑගය ඔඩොක්කුවෙන් තබාගෙන හිස පීරන්නට විය. මම ද ඇය අනුකරණය කරමින් අතින් කොන්ඩය හදාගත්තෙමි.
නැගිටිමු බහින තැන ඉස්සරහ’  කියමින් පුංච් අම්මා නැගිට්ටාය. හනි හනිකට අප දෙදෙනා බසයෙන් බැස ගත්තාය.

 ‘මෙතනින් ඇතුළට පයින් යන්න  ඕන සුදු නෝනා පොඩි දුරක් තියෙන්නේ අපි පය ඉක්මන් කළොත් ඉක්මනට යන්න පුළුවනි ’

කියමින් ඇය පය ඉක්මන් කරමින් ඉදිරියට ඇදුනාය. කොන්කී‍්‍රට් කළ පාරක් දිගේ මීටර් පන්සියයක් පමණ ඇතුළට ආ අපි පුංචි ගේට්ටුවකින් ඇතුල් උනෙමු. ඉස්කෝලේ ප‍්‍රධාන ශාලාව තරම් ලොකු නිවසක් විය.  දිගින් විශාල වූ එහි පුංචි පුංචි කාමර රාශියක් විය. එහි ගැහැණු පිරිමි භේදයකින් තොරව නවාතැන් ගෙන සිටියහ. 

සුදු නෝනා ඔයා ඔතන ටිකක් ඉන්න මම අයිතිකාරයට කියලා එන්නම් ’

කියා පවසා පුංචි අම්මා කාමර මැදින් වූ කොටස දිගේ ගොස් දකුණට හැරුනාය. ඈ එනතෙක් මා දෑස් අයාගෙන නොයිවසිල්ලෙන් බලා සිටියාය. ඒ අතරතුර වටපිට විපරමින් බලමින් සිටි මගේ දෙනෙත එක වරම තවත් දෙනෙතක් මත නතර විණි. තුවායක් ඉනට ඇදගත් ඔහු සෝදා තෙත බරිත වූ කලිසමක් එක් අතකින් ගෙන අනෙක් අතින් සිලි බෑගයක ඔතන ලද සබන් කෑල්ලක් ද රැුගෙන මා දෙසට යොමු වූ දෙනෙත් සහිතවම මා පසුකරගෙන ගොස් කාමරයකට ඇතුලූ වුනි. පුංච් අම්මා විගස පැමිණ මා සමග කාමරයක් ළගට ගොස් එහි දොර විවෘත කළාය. එහි බිම කොහු සහිත මෙට්ටයක් දමා තිබූ අතර කුඩා ඉඩක් සහිත කාමරයේ එක් මුල්ලක ඇදුම් එල්ලා තැබීමට රැුක් එකක් විය. පුංචි පොල්අතු පැලක ගොම මැටි ගා තිබූ බිමක චීත්ත කෑල්ලක් පමණක් එලා නිදාගත් මට කොහු මෙට්ටයක නිදාගැනීමට ලැබීම රජ මාලිගාවක තරම් ඉස්තරම් විය. 
      
එහි මාව නවතා පුංචි අම්මා පිටත්විය. ඇය නවාතැන්ගෙන සිටිනවායැයි මා හට පවසා සිටියේ මේ අසලම වූ කුලී  නිවසකයි. ඈ පිටත් වූවායින් පසුව මම හෙමින් ඉස්තෝප්පුව දිගේ ඉහළ පහළ ඇවිද්දෙමි. සමහර කාමර වසා තිබුණි. සමහර තැන්වල රණ්ඩු සරුවල් ද මගේ කණ වැටුණි. මම නැවතත් කාමරයට පැමිණ අම්මා දුන්නු චීත්ත කෑල්ල එලාගෙන මෙහොතකට කොහු මෙට්ටයෙහි ඇලවුනෙමි. මා අවදි වන විට බොහෝ ? බෝවී තිබුණද විදුලි පහන් දමා තිබීමෙන් හො`දින් හැමදේම මා හට දර්ශණය විය. එකවරම මාගේ මතකයට නැගුනේ විදුලි පහන් ආලෝකයක් කිසිදින නොමැති වූ කටුමැටි බිත්තිගැසූ මගේ නිවසයි. නිතැතින්ම මා හට සුසුමක් හෙළුණි. මා තවමත් සිටින්නේ උදෑසන ගෙදරින් පැමිණෙන විට ඇදගත් ඇදුමිනි. හනික මා රෙදිකෑල්ලත් ඔතාගෙන වතුර ටිකක් ඇගට දාගන්නට ගියද එතැන පෝලිමකි. මම පැය භාගයක් පමණ පෝලිමෙහි හිද මගේ වාරය පැමිණි පසු අන් අය සේම නාගැනීම සදහා කුඩා කාමර කෑල්ලකට රිංගුවෙමි. වතුර මලක් උඩ සවිකර තිබුණද මා  එය ක‍්‍රියා කරවා වතුර ගැනීමට නොදනිමි. එහි රතුපාට කරාමය එහෙට මෙහෙට කරකවා බැලූවාය. එකවරම උඩින් සවිකර තිබූ වතුරමල දෙස බලාහුන් මගේ මුහුණට වතුර පාරක් වැටුණි. හනික නාගෙන විත් කාමරයේ දොර වසාගත් මම කොහු මෙට්ටයට එලූ චීත්තය මත උඩුබැලි අතට වැතිර බර කල්පනාවක  වැටිණි. යටලීයේ හනිහනික දැලක් වියන මකුළුවකු මාගේ නෙතගැටුනේ එවලෙහිදීය. අගක් මුලක් නොදැන දෙලොවක අතරමන්වූ මාහට ඉබේටම නින්ද ගොස්ය. 
       
පාන්දරින් අවදි වී ලෑස්තිවුණු මම පුංචි අම්මා එනතුරු බලා සිටියෙමි. රැුයේදී වතුර ඇ`ගට දාගත් මට ඉබේටම නින්ද ගිය නිසා ? කෑමක් ගැනීමට නොහැකිවිය. දැන්නම් මගේ බඬේ පණුවන් කුපිත වී ඇති බව මා හට දැනේ. පුංචි අම්මා පැමිණියාය.
සුදු නෝනා..., අපි යමු අද ඔයාගේ පළවෙනි දවස හැමෝගෙම හිත දිනාගෙන වැඩ කරන්න  ඕනි හො`දද’
       මම හිස වනමින් හා කියා ඈ දෙස බලද්දී පාර්සලයක් මා වෙත දිගු කළාය. එය බත් පාර්සලයකි. එයද බෑගයේ දමාගත් මා පුංච් අම්මා සම`ග පිටත් වූවාය. ඇගලූම් කම්හලක මම එදින සිට සේවය කරන්නියක් විමි. මට පැවරී තිබුයේ පිරිමි කමිස වල බොත්තම් ඇල්ලීමටය. උදෑසන හතේ සිට රාත‍්‍රී අට දක්වා මා හට එහි සේවය කරන්නට සිදු විණි. අම්මා පහළ හංදියේ කඬේ නැන්දාට කියා මසා දුන් චීත්ත ගවුම් තුන මාරුවෙන් මාරුවට ඇන්දේය. මා නවාතැනට පැමිණි පළමු දිනයේදී දුටු ඒ රුව මගේ කාමරය ඉදිරිපස කාමරයේ සිට පැමිණ මා ඉදිරිපිට නැවතිණි. 

හා කොහොමද මෙහෙට අළුත් නේද?’

අසමින් ඔහුගේ ගැබුරු හඩ අවදිකරන්නට විය. මගේ හිතට අමුත්තක් දැනුන නිසා මා  ‘ඔව් දැන් ටිකක් හුරුයි’ ලෙස පවසා මයේ කාමරය ඇතුළට ගොස් දොර වසා ගතිමි. 
       
එදා පොහොය දිනයකි. මම අම්මාට ලියුමක් ලියා තැපැල් කිරීමට බෑගයට දාගතිමි. එකවරම දොරට තට්ටු කරන ශබ්දයට මා තිගැස්සී බැලූවෙමි.                                          
නංගි ඔයා කාලද ? මම කෑම එකක් ගෙනාව අපි දෙන්නම කමු ඔයා කැමතිනම් එන්න ’
මට ඔහුගේ මුහුණ දෙස බලා එකවරම පිළිතුරු දීමට නොහැකි විමි. මා හට නිතැතින්ම හා කියා කියවුනෙමි. ස්තෝප්පුව කෙලවර වු කුඩා ලී මේසයක් මත තබා ඔහු කෑම එක දිග හැරියේය. 

එන්න කමු, ලැජ්ජාවෙන් වගේ ඇයි? ’
එහෙම නෑ....’    මම එසේ කියා කරබා ගතිමි. මම බත් එකෙන් කටවල් දෙකට වඩා නොකෑවෙමි. ඔහු නිහැ`ඩියාව බිදිමින් ගැඹුරු හ`ඩ අවදි කර ඔයා කොහෙද? කියා ඇසුවේය. මම බත් කට විගසින් ගිල දමා රත්නවිල කීවෙමි. පසුව මගේ නමද ඇසූ විට මම මං නදීකා ලෙස පිළිතුරු දුනිමි. 
       ‘ෂා ලස්සන නමක් නම වගේම ඔයත් ලස්සනයි’  ඔහු කීෙවේය. එහෙමද කියා මම ඔහු දෙස බලා සිනාසුනෙමි. අපි බත් එක කන ගමන් බොහෝ දේවල් කතා කලෙමු. ඔහු පැවසු පරිදි ඔහුගේ නම තුසිත පදිංචිය අවිස්සාවේල්ලේ බව මම දැනගත්තෙමි.
        
මාගේ පලමු පඩියෙන් මා හට අවශ්‍ය වියදම ඉතිරිි කරගෙන අම්මාට ඉතිරි සල්ලි සියල්ලම මම තැපැල් කලෙමි. වැඩපලට ගොස් පළමු මාසෙන් පසු මාගේ ජීවිතයට ආදරයක් ලංවෙන්නට විය. ඒ වෙන කවුරුත් නොව තුසිත අයියා ය. ඔහු නිතරම මා ගැන සොයා බැලුවාය. දිනක් වැඩට ගිහින් කොන්ක‍්‍රිට් පාරදිගේ එන විට ඔහු 

නංගි මම කාරනයක් අහන්නද?’   යනුවෙන් පැවසුවිට
 මම  ‘හ්ම්....’  කියා පමණක් කීවෙමි.   ‘මම ඔයාට ආදරෙයි ඔයත් මට ආදරෙයිද?’    කියා ඔහු ඇසුවේය. මගේ කන ඇතුලේ හෙන හ`ඩ පුපුරනවා මෙන් විය. මුලු සිරුරම දැවෙනවා මෙන් දැනිණි. මම මුකුත් නොකියාම ගමන නිමා කලෙමි. පසුදාත් රාත‍්‍රියේ මා වැඩපලෙන් පිටත් වුනෙමි. ඔහු මා සම`ග වෙනදා මෙන් ගමන් කලේය. එකවර මගේ අත තදින් අල්ලා ගත් ඔහු    ‘නදී ඔයා මට තවම උත්තරයක් දුන්නැහැ’  කීවේය. මම ඔහුගේ දෑස් දෙස එකවර බැලීමට නොහැකිව බිම බලා  ‘මමත්  ඔයාට ආදරෙයි’  කියා සිහින් හඩින් පැවසුවෙමි. අපි එදින සිට ආදරවන්තයන් ලෙස හැසිරෙන්නට විය. ඔහු ඔහුට පුලුවන් හැම මොහොතකම මා සමග කාලය ගතකළේය. දිනක් රාත‍්‍රි 11 ට පමණ දොරට තට්ටු කළ ඔහු මට ටිකක් කතා කරන්නට අවශ්‍ය බව පවසා මගේ කාමරයට පැමිණ 
 ‘ඔයා මේ කාමරේ ඉද්දි මට තනියම නින්ද යන්නේ නෑ ඒකයි’
හ්ම්.... එකනම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි.’
ඇයි ඔයාට එහෙම නැද්ද  ඔහු ලයාන්විත ලෙස මාගේ දෑස් දෙස බලා ඇසුවේය. මට එම මොහොතේ දැනුණු හැගීම්බර බවත් සම`ග ඔහුට තුරුල් විණි. කොන්ක‍්‍රීට් බිත්ති හතරක් මැද අපි එදා රාත‍්‍රියේදි ගෑනු මිනිසුන් වුණෙමු. රාත‍්‍රිය පහන් වන විට මට හිමි වු ඒ සුන්දර යෞවනය පවිත‍්‍රතාවය ඒ මොහොතේ දී ඔහු ආදරයේ නාමයෙන් ඔහුගේ කර ගත්තේය.
       
දිනෙන් දින ගතවෙද්දී මම ඔහු කවුරුදැයි හොදින් හැදින ගතිමි. මා නොදැනීම බොහෝ පිරිමින් අතර මාගේ ආදරය බෙදී ගොස් ය. මගේ ජීවිතය විනාශ වී හමාර ය. නමුදු මා දැන් මිනිසුන් නොමිනිසුුන් කවුරුන්දැයි හොදින් හදුනමි. මගේ පුංචි අම්මාද එහි සාමාජිකාවකි. ඇයද මේ සමාජය තුළ මිනිසුන් අතිනත යන තවත් එක් ගැහැණියක් පමණි. මා මුදල ජීවිතය කරගත් ගැහැනුන්ගේ හැබිලි පුරවන කාම සල්ලාලයන්ගේ අවශ්‍යතා ඉටුකරදෙන ස්ථානයක අධිපතිනියක්ව රජ බත් කෑවේ මීට වසර ගණනකට පෙරය. මා  අද සිරබත් බුදින්නේ මා සමාජගත වූ ආකාරයේ වරදක් නිසාද කියා නොදනිමි.