Saturday, July 27, 2019

අත්තාණි ටැම් ලිපියේ සමාජීය හෙළිදරව්ව



ඉතිහාසය තුළින් ලද අත්දැකීම් තුළින් වර්ථමානය ගොඩනගාගෙන අනාගතය සැලසුම් කළ යුතුය. මෙවැනි කියමන් තුළින් ගම්‍යමාන  වනුයේ මානව සමාඡය තුල අතීතයක් නොමැති තැන වර්ථමානයක් හා අනාගතයක් නොමැති බවයි. ඉතා සමෘධිමත් හා පෞරාණික අතීතයකට හිමිකම් කියනු ලබන අප හට අතීතය පිළිබද තොරතුරු ගවේෂණයේදී ඉතාමත් වැදගත් හා විශ්වාස වන්ත මුලාශ්‍රයක් ලෙස ගල් වල සටහන් කරන ලද ලිපි හෙවත් සෙල් ලිපි දැක් විය හැකිය. අතීත රඡ දරුවන් විසින් කළ  කී දෑ සදහන් කර ඇති මෙම සෙල් ලිපි එක් එක් කාල වකවානුන් අනුව විවිධ නාමයන්ගෙන් හදූන්වනු ලබයි. මේ අනුව අත්තාණි ලිපි ලෙස හදූන්වනුයේ ක්‍රිස්තු වර්ෂ අට වන හා දහ වන ශත වර්ෂ අතර දී ශ්‍රී ලංකාවේ ලිය වුණු ටැම් ලිපි වේ. 

මෙම ටැම් ලිපි විශේෂයට අත්තාණී ලෙස හදූන්වනුයේ සභා ශාලාව හෝ රාඡ සභාවෙන් කළ සම්මුතිය යන අදහස සහිතව එකල රඡවරු විහාර හා ආරාම වලට අභය භූමි වශයෙන් පිදූ ඉඩ කඩම් පිළිබද විස්තර ඇතුළත් කොට තනන ලද ලිපි විශේෂයක් හේතුවෙනි. මෙම අත්තාණි ටැම්ලිපි වල ඒ ඒ පුද්ගලයින්ට ආයතන වලට හෝ ගම් වලට දූන් වරප්‍රසාද පිළිබද විස්තර සදහන් වන බැවින් අත්තාණි කණු පෙරහැර ලෙසද හදූන්වන බව අභය ආරියසිංහ මහතා පවසයි. රඡූ විසින් සිදූ කරනු ලබන නියෝග හා සම්මුති පොදූ ඡනයාගේ දැනගැනීම සදහා ගල් ටැම් වල කොටවා රාඡ දූතයන් විසින් නියමිත ස්ථානයන්හි පිහිටු වීම මගින් මෙම අත්තාණි කණු ආරම්භය සිදූ වී ඇති බව සදහන් වේ. මෙසේ අත්තාණී  කණු පිහිටුවා අභය භූමි වශයෙන් පිදූ ඉඩ කඩම් වලට ඇතැම් රාඡ පුරුෂයන්ට රාඡකාරී සදහා පවා ඇතුල් වීම තහනම්ව පැවැති බව සදහන් වේ. එසේම ආණ්ඩුව විසින් ලබා ගන්නා අය බදූවලින්ද මෙම පෙදෙස නිදහස් කර ඇත. 

සීයාගේ නම මුණුබුරා විසින් භාවිතා කිරීම පෙර සිටම පැවතගෙන එනු ලබන්නකි. ඒ පිළිබද මෙම ටැම් ලිපි තුළින් මනා ලෙස පසක් වනු ඇත. අත්තාණි සෙල් ලිපි අනුව මෙම කාල වකවානුවේ රඡ වරුන් හැදින්වෙන්නේ අබා සලමෙවන් මපුර්මුකා නැතහොත් සිරිසග්බෝ  මපුර්මුකා යන අභිෂේක නාම ද්වය මාරුවෙන් මාරුවට භාවිතා කරමිනි. එයට සාක්ෂි ලෙස, 
         
 සිරිලක්දිවුහි පිහිටි සිරිපිඩ් යස ඉසිරි
රුහුණු දනව් මල මඩුලු තමහට් පිරිබො
කළ උදෑ අභා සලමෙවන් මහරද්හු
සොහොවුර් කසුබ් සිරිසග්බො මපුර්මුකා
පළමු වන්නෙහි වෙසගපුර දසපත් දවස්
වදාළෙයින්....................
                                                                     
                                                                               තිඹිරු වැව ලිපිය
                                                         ( ටිලීෂියා මොනිකා ආර්. කේ. 2004 ,  පිටු  අ‍ං. 35)
                                         
මෙමගින් දැහැමි රාඡ්‍ය පාලකයින් පසුව සෞභාග්‍යයින් පිරි ආර්ථිකයක් පවත්වාගෙන යාමට රඡු දැරූ ප්‍රයත්නය පිළිබද හෙළිදරව් කරයි. එසේම මහායාන බෝධිසත්ව සංකල්පෙය ආභාෂය පිළිබදවද එකළ රඡු කෙතරම් ධාර්මිකද බුදූ දහම ව්‍යාප්තිය කෙසේද යන්න පිළිබදවත් මෙම අත්තාණි  සෙල් ලිපි මගින් කරුණු අනාවරණය වනු ඇත. මෙම අත්තාණි කණු වලින් හෙලි වන තවත් අතීත රාඡ්‍ය පාලනයේ අවස්ථාවක් ලෙස රාඡත්වයට පත්වන රඡ කවරෙකු වුවද කළ යුතු කාර්යය වූයේ ත්‍රී සඑක් සේසත් කර ඒකීය රාඡ්‍යක් ගෙනයාමයි. 

රුහුණු දනව් මල මඩුලූ එකැ අන්නැකොට්
 තම හට් සිරිභොග කළත්‍ව”

    මොරගොඩ ටැම් ලිපිය
    ( ටිලීෂියා මොනිකා ආර්. කේ. 2004.  පිටු  අං.38)


                         මෙම විරුද නිරතුරුවම අත්තාණි පරිහාර කණු වල සදහන් වේග අත්තාණි පරිහාර කණු පිහිට වූ අවධියේ මනා ලෙස සංවිධානය පරිපාලන ක්‍රමයක් පැවති බවට සාධක ලැබේග නායකයා රඡු වූ අතර ඔහුගේ අණ පරිදි ක්‍රියා කරන හමුදා නායකයා  සේනාපති වියග  මෙයික්කාප්පර් හෙවත් අංගාරක්ෂක හමුදාවද  පාබලක් යනුවෙන්ද හදූන්වන පාබල සේනාවද  දූනුවා බලතුත් යනුවෙන්  ධනුර්ධර හමුදාවද අයත් වූ බව කිව හැකියග මෙලෙස අත්තාණි ටැම් ලිපි මගින් අට වන හා දස වන සිය වස් වල මනා ලෙස සංවිධානය වූ රාඡ්‍ය පාලනයක් පැවති බව පසක් වනු ඇතග 
                                       අත්තාණි ටැම් ලිපි මගින් රාඡ්‍ය පාලනය පිළිබද පමණක් නොව එකළ ආර්ථිකයල සමාඡ තත්වය පිළිබදවද තොරතුරු අනාවරණය වේග මෙම යුගයෙහි කෘෂි ආර්ථික රටාවක් පැවැති ඇති අතර මහා පරිමාණ වැව් තැනීම මෙ අවධියේ රඡූන්ගේ වගකීම වේග ඒ පිළිබද අතුරුපොලයාගම ලිපියේ මෙලෙස සදහන් වේ.

                        දොළොස් මහා වැ තැන් වැරියන්  නොගන්නා
                කොට් ඉසා ගැල් ගොන් මි මුන් නොගන්නා කොට් ඉසා”
                                                                                                                                                                                    අතුරුපොලයාගම ලිපිය
                                                          ( ටිලීෂියා මොනිකා ආර්. කේ.  2004.  පිටු  අං.40)

අත්තාණි පරිහාර ලැබූ සෑම ගමකම වැදගත් වී ඇත්තේ ගැල්ගොන්, මී මුන් ගෙරින් වේ. එසේම අඹ, දඹ,ඡම්බු, තල්, පොල්, මී යනාදි වගාවන් ලෙස පවත්වාගෙන ඇති බවත් හේන් ගොවිතැන ධාන්‍යල කුළු බඩු වර්ග එළවළු මුං ආදී දෑ වගා කළ බවට එම ප්‍රදේශ පරිහාර ඉඩම් කොටස් ලෙසද අත්තාණි කණු වල සදහන් වේ. මෙම ඓතිහාසික තොරතුරු වලට අමතරව ප්‍රධාන ලෙසම බෞද්ධාගමික සංකල්පය මුලික කරගත් සමාඡ සංවිධානය තුල ආරාම සදහා ඉඩම් වෙන් කිරීම ආදියද ඉර, සද, බලූ, කපුටු ආදී කැටයම් සහිත ටැම් ලිපිද දැක ගැනීමට හැකි වේ. පිං පව් පිලිබදව ආදී තොරතුරු එමගින් කියා පායි.
ක්‍රිස්තු වර්ෂ අට සහ දහ වන සිය වස් වලට අයත් යැයි සැලකෙන මෙම අත්තාණී ටැම් ලිපි රාශියක් සොයාගෙන ඇත. ඉන් කිහිපයක් නම්,

  • තඹිරු වැව ලිපිය
  • බිලිබැව ටැම් ලිපිය
  • ගිරිතලා ටැම් ලිපිය
  • ඇට වීරගොල්ලෑව ටැම් ලිපිය
  • පඩුවස්නුවර ටැම් ලිපි
  • නෑගම ටැඹ
  • ඇල්ලෙවැව ටැම් ලිපිය
  • මිහිදූ පොළොන්නරු ටැඹ
  • මොර ගොඉ ටැම් ලිපිය
  • අතුරුපොළයාගම ලිපිය
  • ගොන්නෑව දේවාල ටැඹ
  • වැල්මිල්ල ටැඹ



මේ ආදී ලෙස අත්තාණි ටැම් ලිපි විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම ලිපි මගින් ක්‍රිස්තු වර්ෂ අට සහ දස වන සිය වස් තුල ලංකාවේ රාඡ්‍ය දේශපාලනල ආර්ථික , ආගමික, කෘෂිකාර්මික හා සාමාඡීය වශයෙන් ඓතිහාසිකව පැවැති ආකාරය පිළිබදව පෞරාණීක තොරතුරු රාශියක් ලබා දෙයි. 
එසේම ශ්‍රී ලංකාවේ අත්තාණි ටැම් වල දක්නට ලැබෙන කැටයම් කළ මිට සහිත මණ්ඩලාකාර වස්තුව මගින් වාච්‍ය සන්නිවේදනය අභිබවා යමින් ප්‍රබල ලෙස මෙම සංකේත මගින් සන්නිවේදන කාර්ය ඉටු කිරීමේ ඇති අවශ්‍යතාවය ඉපැරණි ශිලා ලේඛකයෝ පවා විශ්වාස කර ඇත. මෙයින් පසක් වනුයේ සන්නිවේදනය පිළිබද එක් පුද්ගලයෙකු තවත් අයෙකුට යමක් ප්‍රකාශණයේදි වඩා ත්‍රීව්‍රර වු මාධ්‍යක් භාවිතය සදහා අතීතය තුළද කටයුතු කර ඇති බවයි. එම කාල වකවානුව වන විට සන්නිවේදනය කෙතරම් වැදගත් වන්නේද යන්න පිළිබදවද අවධානය යොමු කර ඇති බව මෙම කැටයම් නිර්මාණ තුලින් නිගමනය කළ හැකිය. මෙම කාල වකවානුවට අයත් අත්තාණි ටැම් කණු මත රඡුගේ නිල ලාංඡනය ලෙස හංස කැටයම් දැක ගත හැකි වේ. ඉන්දීය ආභාෂය ඔස්සේම ශ්‍රී ලංකාවට පැමිණි සෙල් ලිපි කෙටිමේ කලාව ඉන්දියානු ආභාෂය ඔස්සේම මේ කාල වකවානුව තුළද පැවති බවට මෙම කැටයම් සාක්ෂි දරයි. 
මෙලෙස අපගේ පෞඩ ඉතිහාසයේ යට ගියාව ඡාතියේ අන්දරය හෙළයේ අභිමානය කියා පෑම සදහා පොත් පත් ලේඛණ ගත තොරතුරු වලට වඩා ශිලා ලේඛණ ගතව පවතින සෙල්ලිපි හා ටැම් කණු මගින් හෙළිදරව් වන තොරතුරු මත පවතින ගම්‍යතාවයේ සත්‍යතාවය ඉතා ඉහල මට්ටමක පවති. මේ අතර පවතින අත්තාණි පරිසාර කණු වලින් ක්‍රිස්තු වර්ෂ අට හා දහ වන සියවස්හි පැවැති සමාඡ භූමිකාව පිළිබද හෙළිකර ගැනීම සදහා ලබා දෙන ආලෝකය අති විශාලය.  

Monday, July 22, 2019

Amma



මාධ්‍යය හා වෙළඳ දැන්වීමකරණය




දැන්වීමක් යනු නිශ්චිත අනුග්‍රාහකයෙකු විසින් මුදල් ගෙවා අදහස් ද්‍රව්‍ය හෝ සේවා ප්‍රචාරණ සඳහා ඉදිරිපත් කෙරෙන නිර්පුද්ගල සංදේශයකි. වෙළඳ දැන්වීමක් ග්‍රාහකගත කිරිමේදී එකවර විශාල පිරිසක් ඉලක්ක කරගනු ලබයි. මේ සඳහා යොදාගනු ලබන ප්‍රමුඛතම මාධ්‍යය වනුයේ ජනමාධ්‍යය වේ. එය දැන්වීම්කරණයේ ප්‍රධාන වාහකයන් බවට පත්ව ඇත. ව්‍යාපාර දැන්වීම් මතද දැන්වීම් ජන මාධ්‍යය මතද රඳා පැවතීමක් දක්නට ලැබේ.  ඉංග්‍රිසි ජාතික ඉතිහාසඥයෙකු වන තෝමස් මැකෝල් දැන්වීම්කරණය පිළිබඳව සිය අදහස් දක්වන්නේ,  

දැන්වීම යනු නිෂ්පාදන කර්මාන්ත සිඝ්‍රයෙන් ඉදිරියට තල්ලු කරන එකම බලවේගයයි. කිසිවෙකුට දැන්වීම් වලින් තොරව මුදල් ඉපයිය නොහැකිය.

කුමන හෝ නිෂ්පාදනයක්, සේවාවක් මෙන්ම ඒවා නිෂ්පාදනය කරන්නා වූ සමාගමක පැවැත්ම රදා පවතිනුයේ  ඒවා මිලට ගනු ලබන ජනතාවගේ තීරණ මතයි.  

කිසියම් විශේෂිත වු පුද්ගලයෙකු හෝ ආයතනයක් ලවා මුදල් ගෙවා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව කරනු ලබන අපෞද්ගලික වු කරුණු ඉදිරිපත් කිරීමකි.   
                                                               - පිලිප් කොට්ලර්- 

වෙළඳපොළ” සංකල්පය පාරිභෝගික සංකල්පය මත රඳා පවතින්නකි, මෙම දැන්වීම්කරණය හෙවත් වෙළඳ ප්‍රචාරණය සන්නිවේදන ක්‍රමයකි.  එය හුදෙක් අදාළ පාරිභෝගිකයා විසින් භාණ්ඩය හා සේවාව ලබා ගන්නා ආකාරය හා එය භාවිත කරන ආකාරය සම්බන්දව සිදු කරන දැනුවත් කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම දැන්වීම්කරණ සන්නිවේදන ක්‍රමය ජනතාවට ප්‍රචාරය කිරීම සඳහා රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත, චිත්‍රපට, සඟරා, වීඩියෝ ක්‍රීඩා, වෙබ් සයිට් හා අන්තර්ජාලය ආදී ජන මාධ්‍යයන් හා වර්තමානය වන විට ප්‍රබල ලෙස නව මාධ්‍යයන් යොදා ගනු ලැබේ. හැමවිටම වෙළඳ දැන්වීම් ඉදිරිපත් කරනු ලබන්නේ යම් සමාගමක් වෙනුවෙන් වෙළඳ ඒජන්සියක් මගිනි. 

මෙම වෙළඳ දැන්වීම් ස්ථානගත කරනු ලබන්නේ පාඨකයාගේ දෑස් පහසුවෙන් ගැටෙනු ලබන හා නිරන්තරව දකින, ඇසෙන ස්ථානයන්වල දෘශ්‍ය, ශ්‍රව්‍ය  හෝ මුද්‍රිත ලෙසයි. මෙම වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ දී “ග්‍රාහක අවධානය ” යන්න පිළිබඳව වඩාත් සැලකිළිමත් වේ. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ, බාල මහළු, වැඩිහිටි හෝ තරුණ යන කුමක හෝ මනුෂ්‍යය පාර්ෂවයක් මුල්කර ගනිමින් මෙම වෙළඳ දැන්වීම් නිර්මාණය කරයි.  

ඇමරිකානු වෙළඳ සමාගමකට අනුව   
දැන්වීමක් යනු යම් ක්‍රියාවක් සිද්ධියක් හෝ භාණ්ඩයක් පිළිබඳව බහුතරය දැනුවත් කිරිම උදෙසා යොදාගනු ලබන ක්‍රමවේදය වේ ” යන්නයි.  

එහිදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය වූ සරල පාරිභෝගික ද්‍රව්‍ය යන ජීවිතයට අවශ්‍ය සේවාවන් පිළිබදව ද වාණිජමය පරමාර්ථය ඔස්සේ තරඟකාරී ලෙස දැන්වීම් ප්‍රචාරණය කරනු ලබයි. මෙම දැන්වීම් සදහා මිනිසාගේ පස් වැදෑරුම් ඉන්ද්‍රියයන්ගේ ප්‍රතිචාරය ඉතා වැදගත් වේ. එමගින් ව්‍යාපාරිකයන් විසින් යම් අරමුණක් කෙරෙහි මිනිසා තුළ ප්‍රබෝධයක් හෙවත් උත්තේජනයක් ඇති කරවයි. එසේ ප්‍රබෝධමත් වන පුද්ගලයා එම වෙළඳ දැන්වීම් ඔස්සේ ක්‍රියා කිරීමට නිතැතින්ම පෙළඹෙනු ලබයි.  

මෙලෙස දැන්වීම්කරණය තුළින් සිදු කරනුයේ ව්‍යාපාරිකයන් තම ව්‍යපාරික  අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා මිනිසා තුළ උත්තේජනයක් ඇතිකිරීමට හැකි අයුරින් වෙළඳ දැන්වීම් නිපදවීම වේ. ඒ ඔස්සේ ප්‍රතිචාර දක්වන මිනිසා පාරිභෝගිකයෙකු  ලෙස භාණ්ඩ හා සේවා  ලබාගන්නෙකු බවට පත් වේ. 

Sunday, July 21, 2019

රැප් කලාවේ smokiyo


සංගීතයට ඇලුම් කරන යොවුන් පරපුර අතර ”රැප්” කලාවට ඇත්තේ ඉහළ ජනප්‍රියතාවයකි.  රැප්” යන පදය බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි බසෙහි භාවිතයට ගැනීම දහසයවන ශත වර්ෂයේ දී පමණ සිදු වී ඇත. අතීතයේ සිට අප්‍රිකානු හා ඇමරිකානු උප භාෂාවන්හිදී භාවිතයට ගත් වචනයක් වුවත් එය සංගීතමය අරුතකින් භාවිතයට ගැනීම සිදු වීම මෑත කාලයේ සිට සිදුව ඇත. 
1990 දශකයේ අගභාගයේදි හිප්පොප් සංගීතය ජනප්‍රයි විමත් සමග රැප් කලාවද බෙහෙවින් ජනප්‍රිය විය. රැප් කලාව මුලින්ම රස විදීම සිදුවන්නේ 2002 වර්ෂයේදීය. ඒ දැනට සිටින රැප් සංගීත ශිල්පීන්ගෙන් සාර්ථකම අයෙක් වන Eminem හෙවත් මාෂල් මැතර්ස් ගේ The Eminem Show ඇල්බමය තුලිනි. ඒසේම  2Pac yd Dr’ Dre  රැප් සංගීතයේ හදවත ලෙස දක්වයි. අප්‍රිකාව ඇමරිකාව වැනි විදේශයී රටවල් හි ජන්මය ලබා ශ්‍රී ලංකාවට පැමිණි රැප් සංගීත කලාව හා බැදී ඇත්තේද ජනප්‍රිිය සංස්කෘතිය වේ. 
ශ්‍රී ලංකාවේ නිර්මාණය වු මඩුක්කුවෙන් එළියට නමින් හැදින්වෙන රැප් සංගීත නිර්මාණයෙහි නිර්මාණ කරුවා වනSmokiyo හෙවත් කෙවින් ද සිල්වාගේ සංගීත දිවිය ආරම්භ වීම හා ඔහුගේ චරිතය අධ්‍යනයේ දී ජනප්‍රිය සංස්කෘතිය තරුණ ජීවිත සඳහා කෙතරම් බලපෑමක් සිදුකරන්නේ ද යන්න ඉතා හොදින් පැහැදිලි වේ. වර්තමාන තරුණ තරුණියන් අතර ඉතාමත් ජනප්‍රිය වු නමක් ලෙස Smokiyo  පෙන්වාදිය හැකිය. 44 කල්ලිය නම් වු සංගීත කණ්ඩායම හරහා  කරලියට පැමිණෙන ඔහු   ,
Ø  මුඩුක්කුවෙන් එළියට
Ø  ගතිය රස්තියාදු
Ø  අදාල නෑ
Ø  කවුද මම
Ø  ආදරෙන් වෙලිලා
Ø  ශාන්ති
ආදී වූ ලංකාව තුළ ජනප්‍රිය වු රැප් ගීත ගායනා කර ඇත . ඒ අතර මුඩුක්කුවෙන් එළියට ගීතය ඉතාමත් ජනප්‍රිය වු ගීතයකි. 
වයස අවුරුදු 23 ක් වන ඔහු වර්තමානය වන විට රිල්හේන මිතුරු මිතුරෝ ආයතනයේ පුනරුත්තාපනය ලබයි. එයට මුලිකම හේතුව ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටීම වේ. එයින් මිදීම සඳහා ඔහු බෝධානන්ද ස්වාමීන් වහන්සේ යටතේ පුනරුත්තාපනය වෙමින් සිටි. ඔහු වයස අවුරුදු 12 ක් වැනි කුඩා කාලයේ දීම මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අතර එයට මුලික හේතුව ලෙස ඔහු කියා සිටින්නේ තමා අවට තිබු සමාජ පරිසරයත්ඔහු නැරඹු ගීතයන් හා එහි සමාජ වටපිටාව තුළ පැවති ජනප්‍රියයයි පවසන සියල්ල අනුකරණය සඳහා ඔහු පෙළබුනු බවයි.  Smokiyo ප්‍රසිද්ධ වේදිකාව තුළ ගීත ගායනා කරමින් පවා මත් ද්‍රව්‍ය භාවිත කරනු දක්නට ලැබේ. 

Big boy , Rakim , Andre , Afrika Bamqta වැනි රැප් ගායන ශිල්පීන්ගේ ඉරියව් හා ඔවුනගේ විලාසිතා
අනුකරණයට ද පුරුදුව සිට ඇත. ඇදුම් විලාසිතාවRap cap ලෙස හදුන්වනු ලබන හිස්වැසුමපාවහන් කොන්ඩ මෝස්තරටැටු,  හැසිරිම් රටා ආදී සියල්ල ජනප්‍රිය යයි සලකනු ලබන රැල්ලේ ක්‍රියාකාරකම් සදහා ඔහු යොමු විය. 
වර්තමානය වන විට ඔහු  මත්ද්‍රව්‍ය නිසා විනාශවීමට ගිය තම ජීවිතය එයින් මුදා හැර යහපත් ලෙස ජීවත් වීමට පුනරුත්තාපනය වෙමින් සිටි ඔහු ප්‍රකාශ කරන පරිදි සංගීතයමත් ද්‍රව්‍ය පානය හා ටැටු ගසාගෙන සිටීම තුළින් තරුණයෙකුගේ පෙනුම වර්ධනය වනවා සේම තරුණයෙකු නම් එසේ ජීවත් විය යුතු බව තදින් ම විශ්වාස කල බවයි. මේ සියලු සිතුම් පැතුම් ජනප්‍රිය සංස්තෘතිය හරහා ශ්‍රී ලාංකේය සමාජයට ආගමනය වු ලක්ෂණයන් වේ. කෙවින් අප රටේ සංස්කෘතියට වඩා බටහිර සංස්කෘතියට පෙම් බැන්ද අයෙකු ලෙස ජනප්‍රිය යැයි පවසන බටහිරට ආවේනික වු ගති ලක්ෂණයන් අනුකරණයට යොමු වු පුද්ගලයෙකි.  
Smokiyo හෙවත් කෙවින් ද සිල්වා නම් වු තරුණයා රැප් ගායනයේ දක්ෂයෙකු වුවද ඔහු එම දක්ෂතාවය වර්ධනය කර ගනිමින් ජනතා අතරට යාමට තොරාගනු ලැබුවේ මත් ද්‍රව්‍ය වේ. රැප් සංගීත කලාව කරන්නට නම් මත්ද්‍රව්‍ය අත්‍යාවශ්‍ය බව ඔහු බටහිර සංගීත වීඩියෝ හරහා මෙන්ම සමාජ ආශ්‍රය තුළින් ද පසක් කරගත් අතර ජනප්‍රියත්වය  මුදල් මත්ද්‍රව්‍ය හා තරුණියන් ආශ්‍රය කිරීම ජීවිතය ලෙස විශ්වාස කරමින් කටයුතු සිදු කර ඇත . 

නමුත් වර්තමානය වන විට පුනරැත්තාපනය වීමෙන් පසු ඔහු නැවතත් රැප් ගායනා සිදුකරනු ලබන අතර එම ගායනා තුළ ශ්‍රී ලාකේය අනන්‍ය තාවයට හානි සිදු නොවන අයුරින් නිර්මාණයන් සිදු කර ඇත. ඔහුගේ චරිතයද යහපත් බවින් යුතු වී ඇත. අවසාන වශයෙන් ඔහු ජනප්‍රිය සංස්කෘතිය තුළ අයහපතින් මිදී යහපත් දිවියක් ගත කිරිමට යොමු වීම ඔහුගේ දිවියේ ලද භාගයකි. 

Sunday, June 9, 2019

ආගන්තුක සෙයිලමේ ඇත්තිය




                 පාන්දර 5.45 යි වෙලාව  හනික මම මගේ ලොකු බෑග් දෙක රැගෙන යාල්දේවියට නැංගෙමි. මා කෝච්චියකින් යන දෙවන වතාවයි. මා හට පුංචි පොල්අතු පැලෙන් ඈත් වු වේදනාව පහව ගියේ කෝච්චියෙන් යාමට කුඩාකල සිටම දැක්වු ඉමහත් ආශාව නිසාවෙනි. ලා හිරු රැස් මුහුණට පතිත වී රශ්මිය සහිත ආලෝකයක් දිස්වනවාත් සමග මා  අඩ නින්දෙන් අවදිවිණි. ඒ වනවිට කෝච්චිය ස්ටේෂන් හතරක් පහක් ගෙවාගෙන ඉදිරියට ගොස් තිබුණි. ඉස්සර තාත්තගේ පුට්සයිකලේ ලැගේජ් එකේ ඉදගෙන වෙල්යාය මැදින් ටවුමට යන මට දැනෙන සිසිල් සුළග, කුඩා කුඩා ගෙවල් හා තැන තැන ගොඩගැසූ කුණු කදු පසුකරගෙන ඉදිරියට ඇදෙමින් පවතින යාල්දේවියගේ ඉදගත් මට නොදැනුණි. 
      
 යන්තමින් එකොළහ වසර දක්වා පාසැල් අධ්‍යාපනය ලැබුයේ දහසක් වූ අගහිගකම් මැදය. මා දහ වන වසර ඉගෙනුම ලබද් දී මුදලාලිගේ වත්තේ පොල් කඩන්නට ගොස් පොල් ගහෙන් ඇද වැටී තාත්තා මියගියායින් පසු ගෙදර අගහිගකම් බොහෝමයක් විය. අම්මා වේල දෙවේල කුසට නොකා යන්තමින් අපේ කුස පිරවූයේ වත්තේ රබර් ගහක් ගානෙ ගොස්  කිරි කැපීමෙන් ලැබෙන සොච්චම් මුදලිනි. නමුත් ඒ ලැබෙන මුදල මගෙත් නංගිලා දෙන්නගෙ සහ හිච්චි මල්ලියාගේ කුස පුරවන්නටත් අපේ අධ්‍යාපන කටයුතු සදහාත් කොහෙත්ම ප‍්‍රමාණවත් මුදලක් නොවුනු නිසාවෙන් අම්මාට වෙන කිසිදු විකල්පයක් නොමැතිවීම නිසා හිතට එකග නොවී වුවද මා පාසැල් ගමන නවතාදමා අවුරුදු දහසයක් තරම් වූ කුඩා වයසකදී රැකියාවක් සදහා කටුනායක යාමට ගත් තීරණයට එකග වීමට සිදු විණි. මා හට ඒ සදහා උදව් කලේ මාවරමණ්ඩියේ සිටි අම්මගේ බාල නංගි විසිනි. ඈ දෙසැම්බර් මස නිවාඩුවට ආ ගමන් මේ බව අම්මාට කියා තිබීම නිසා මගේ ගමන ස්ථිර විය.
       
කෝච්චියට ගොඩවන විට තිබුණු සතුට කොළඹට ආසන්න වෙද්දී මගේ හිතින් පහව යන්නේ ගෙදරින් පිටවන විට අම්මාගේ ඇස්වලින් සට සට ගා වැටුණු කදුලූ කැට මතක්වෙද්දීය. ඈ පිලේ හිදගෙන හිච්චි මල්ලීට කිරි පොවමින් සිටියාය. පොඩි එකාගේ කටේ තන පුඩුව ඔබාගෙන සිටියත් කෙසග සිරුරක් හිමි වු මාගේ මවට මල්ලිගේ බඩ පිරවිමට කරම් ප‍්‍රමාණවත් කිරි තන පුඩුවේ නොවුණි. අම්මාවත් නංගිලා දෙන්නත් හිච්චි මල්ලියාවත් මේ කරුම ජීවිතයෙන් ගොඩ ගෙන ඔවුන්ට සැපවත් ජීවිතයක් ගත කිරීමට සිදුකල හැකිව තිබූ එකම මාර්ගය මා රැකියාවක් කිරීමයි. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඔවුන්ගෙන් වෙන්ව සිටීමට මා හට හිත හදාගන්නට සිදු වුණි.
      
 කොළඹ කොටුවට ආසන්න වෙද්දී අම්මා කියූ විස්තර පරිදි මාවරමණ්ඩියේ පුංචි අම්මාගේ විස්තරත් මාව කොලඹින් රැගෙන යාමට පැමිණෙන පුද්ගලයාගේ නම සහ විස්තර ඇතුළත් වූ කොළ කැබැල්ලත් අතට ගතිමි.  මගේ හදගැස්ම වැඩිවන්නට විය.

මාව ගන්න කවුරුන් පැමිනෙයිදමට රැකියාවක් ලැබෙයිදහොද මුදලක් ඔවුන් මට ලබා දෙයිද ?

වැනි ගැටලූ රාශියක් පෙලින් පෙලට එකා පසුපස එකා යන කුහුඹුවන් සේ එක දිගට මාගේ හිතට එන්නට පටන් ගත්තාය. එවිට මට සිහිගැන්වූයේ මගේ අතට ගණන් ප‍්‍රශ්ණපත‍්‍රය ලැබුණු මොහොතයි. මම කෝච්චියෙන් බැස ගත්තෙමි. බෑග්දෙක කකුල් දෙක පාමුල තබාගෙන වටපිට බලමින් සිටි මට කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් ඉතා කලබලයෙන් එහෙ මෙහෙ යන මිනිසුන් මැද අම්මාගේම හැඩරුව ඇති කාන්තාවක ඈතින් හදුනාගැනීමට හැකිවිය. මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ මා නන්නාදුනන කෙනෙකු මෙහි නොඑවා පුංචි අම්මාම මා ගැනීමට පැමිණීම නිසාවෙනි. 
       ‘ආ.....  සුදු නෝනා
මම මේ හොයාගන්න බැරුව හිටියේ මේ මිනිස්සු ගොඩ අස්සෙ
උඹ කලබල උනා ද ?’
ඔව් පුංචි අම්මේ.....  මම මේ බැලූවේ මෙතනින් එලියට යන්නේ කොහොමද කියලා’
(හිස අතගාමින්)
මයේ කෙල්ලේ ...........  උඹ බය වෙන්න එපා දැන් මං ඉන්නවනේ ’

මගේ පය පාමුල තිබුණු බෑගය පුංචි අම්මා අතට ගෙන ඉදිරියෙන් ගමන් ගත්තාය. මම ඇයව අනුකරණය කරමින් පිටුපපසින් ගමන් ගත්තෙමි. අපි කොළඹ කටුනායක කියා නම සදහක් කර තිබූ බසයක නැගී වෙළ`ද කලාපය බලා ගමන් කළෙමු. 
පුතේ....... ’

කියමින් පුංච් අම්මා කතාකරනවාත් සම`ගම වටපිට බලමින් විමතියට පත්ව තිබූ මගේ හිත නැවත එක තැනකට විත් ඇයගේ කටහ`ඩට සවන් දුනිමි. 

වැඩපල ළගපාතින්ම ඔයාට ඉන්න තැනක් මම හරිගැස්සුවා
ගිහිල්ලම බලලා මට කියන්නකො හොදද කියලා ’
       
මම හිසවනා ඇයගේ ප‍්‍රකාශය පිළිගත්තෙමි. ඇය ජනේලයෙන් පිටත බලගත්තාය. බහින තැන ලං වූ වි`ගස ඈ හරිබැරිගැහී බෑගය ඔඩොක්කුවෙන් තබාගෙන හිස පීරන්නට විය. මම ද ඇය අනුකරණය කරමින් අතින් කොන්ඩය හදාගත්තෙමි.
නැගිටිමු බහින තැන ඉස්සරහ’  කියමින් පුංච් අම්මා නැගිට්ටාය. හනි හනිකට අප දෙදෙනා බසයෙන් බැස ගත්තාය.

 ‘මෙතනින් ඇතුළට පයින් යන්න  ඕන සුදු නෝනා පොඩි දුරක් තියෙන්නේ අපි පය ඉක්මන් කළොත් ඉක්මනට යන්න පුළුවනි ’

කියමින් ඇය පය ඉක්මන් කරමින් ඉදිරියට ඇදුනාය. කොන්කී‍්‍රට් කළ පාරක් දිගේ මීටර් පන්සියයක් පමණ ඇතුළට ආ අපි පුංචි ගේට්ටුවකින් ඇතුල් උනෙමු. ඉස්කෝලේ ප‍්‍රධාන ශාලාව තරම් ලොකු නිවසක් විය.  දිගින් විශාල වූ එහි පුංචි පුංචි කාමර රාශියක් විය. එහි ගැහැණු පිරිමි භේදයකින් තොරව නවාතැන් ගෙන සිටියහ. 

සුදු නෝනා ඔයා ඔතන ටිකක් ඉන්න මම අයිතිකාරයට කියලා එන්නම් ’

කියා පවසා පුංචි අම්මා කාමර මැදින් වූ කොටස දිගේ ගොස් දකුණට හැරුනාය. ඈ එනතෙක් මා දෑස් අයාගෙන නොයිවසිල්ලෙන් බලා සිටියාය. ඒ අතරතුර වටපිට විපරමින් බලමින් සිටි මගේ දෙනෙත එක වරම තවත් දෙනෙතක් මත නතර විණි. තුවායක් ඉනට ඇදගත් ඔහු සෝදා තෙත බරිත වූ කලිසමක් එක් අතකින් ගෙන අනෙක් අතින් සිලි බෑගයක ඔතන ලද සබන් කෑල්ලක් ද රැුගෙන මා දෙසට යොමු වූ දෙනෙත් සහිතවම මා පසුකරගෙන ගොස් කාමරයකට ඇතුලූ වුනි. පුංච් අම්මා විගස පැමිණ මා සමග කාමරයක් ළගට ගොස් එහි දොර විවෘත කළාය. එහි බිම කොහු සහිත මෙට්ටයක් දමා තිබූ අතර කුඩා ඉඩක් සහිත කාමරයේ එක් මුල්ලක ඇදුම් එල්ලා තැබීමට රැුක් එකක් විය. පුංචි පොල්අතු පැලක ගොම මැටි ගා තිබූ බිමක චීත්ත කෑල්ලක් පමණක් එලා නිදාගත් මට කොහු මෙට්ටයක නිදාගැනීමට ලැබීම රජ මාලිගාවක තරම් ඉස්තරම් විය. 
      
එහි මාව නවතා පුංචි අම්මා පිටත්විය. ඇය නවාතැන්ගෙන සිටිනවායැයි මා හට පවසා සිටියේ මේ අසලම වූ කුලී  නිවසකයි. ඈ පිටත් වූවායින් පසුව මම හෙමින් ඉස්තෝප්පුව දිගේ ඉහළ පහළ ඇවිද්දෙමි. සමහර කාමර වසා තිබුණි. සමහර තැන්වල රණ්ඩු සරුවල් ද මගේ කණ වැටුණි. මම නැවතත් කාමරයට පැමිණ අම්මා දුන්නු චීත්ත කෑල්ල එලාගෙන මෙහොතකට කොහු මෙට්ටයෙහි ඇලවුනෙමි. මා අවදි වන විට බොහෝ ? බෝවී තිබුණද විදුලි පහන් දමා තිබීමෙන් හො`දින් හැමදේම මා හට දර්ශණය විය. එකවරම මාගේ මතකයට නැගුනේ විදුලි පහන් ආලෝකයක් කිසිදින නොමැති වූ කටුමැටි බිත්තිගැසූ මගේ නිවසයි. නිතැතින්ම මා හට සුසුමක් හෙළුණි. මා තවමත් සිටින්නේ උදෑසන ගෙදරින් පැමිණෙන විට ඇදගත් ඇදුමිනි. හනික මා රෙදිකෑල්ලත් ඔතාගෙන වතුර ටිකක් ඇගට දාගන්නට ගියද එතැන පෝලිමකි. මම පැය භාගයක් පමණ පෝලිමෙහි හිද මගේ වාරය පැමිණි පසු අන් අය සේම නාගැනීම සදහා කුඩා කාමර කෑල්ලකට රිංගුවෙමි. වතුර මලක් උඩ සවිකර තිබුණද මා  එය ක‍්‍රියා කරවා වතුර ගැනීමට නොදනිමි. එහි රතුපාට කරාමය එහෙට මෙහෙට කරකවා බැලූවාය. එකවරම උඩින් සවිකර තිබූ වතුරමල දෙස බලාහුන් මගේ මුහුණට වතුර පාරක් වැටුණි. හනික නාගෙන විත් කාමරයේ දොර වසාගත් මම කොහු මෙට්ටයට එලූ චීත්තය මත උඩුබැලි අතට වැතිර බර කල්පනාවක  වැටිණි. යටලීයේ හනිහනික දැලක් වියන මකුළුවකු මාගේ නෙතගැටුනේ එවලෙහිදීය. අගක් මුලක් නොදැන දෙලොවක අතරමන්වූ මාහට ඉබේටම නින්ද ගොස්ය. 
       
පාන්දරින් අවදි වී ලෑස්තිවුණු මම පුංචි අම්මා එනතුරු බලා සිටියෙමි. රැුයේදී වතුර ඇ`ගට දාගත් මට ඉබේටම නින්ද ගිය නිසා ? කෑමක් ගැනීමට නොහැකිවිය. දැන්නම් මගේ බඬේ පණුවන් කුපිත වී ඇති බව මා හට දැනේ. පුංචි අම්මා පැමිණියාය.
සුදු නෝනා..., අපි යමු අද ඔයාගේ පළවෙනි දවස හැමෝගෙම හිත දිනාගෙන වැඩ කරන්න  ඕනි හො`දද’
       මම හිස වනමින් හා කියා ඈ දෙස බලද්දී පාර්සලයක් මා වෙත දිගු කළාය. එය බත් පාර්සලයකි. එයද බෑගයේ දමාගත් මා පුංච් අම්මා සම`ග පිටත් වූවාය. ඇගලූම් කම්හලක මම එදින සිට සේවය කරන්නියක් විමි. මට පැවරී තිබුයේ පිරිමි කමිස වල බොත්තම් ඇල්ලීමටය. උදෑසන හතේ සිට රාත‍්‍රී අට දක්වා මා හට එහි සේවය කරන්නට සිදු විණි. අම්මා පහළ හංදියේ කඬේ නැන්දාට කියා මසා දුන් චීත්ත ගවුම් තුන මාරුවෙන් මාරුවට ඇන්දේය. මා නවාතැනට පැමිණි පළමු දිනයේදී දුටු ඒ රුව මගේ කාමරය ඉදිරිපස කාමරයේ සිට පැමිණ මා ඉදිරිපිට නැවතිණි. 

හා කොහොමද මෙහෙට අළුත් නේද?’

අසමින් ඔහුගේ ගැබුරු හඩ අවදිකරන්නට විය. මගේ හිතට අමුත්තක් දැනුන නිසා මා  ‘ඔව් දැන් ටිකක් හුරුයි’ ලෙස පවසා මයේ කාමරය ඇතුළට ගොස් දොර වසා ගතිමි. 
       
එදා පොහොය දිනයකි. මම අම්මාට ලියුමක් ලියා තැපැල් කිරීමට බෑගයට දාගතිමි. එකවරම දොරට තට්ටු කරන ශබ්දයට මා තිගැස්සී බැලූවෙමි.                                          
නංගි ඔයා කාලද ? මම කෑම එකක් ගෙනාව අපි දෙන්නම කමු ඔයා කැමතිනම් එන්න ’
මට ඔහුගේ මුහුණ දෙස බලා එකවරම පිළිතුරු දීමට නොහැකි විමි. මා හට නිතැතින්ම හා කියා කියවුනෙමි. ස්තෝප්පුව කෙලවර වු කුඩා ලී මේසයක් මත තබා ඔහු කෑම එක දිග හැරියේය. 

එන්න කමු, ලැජ්ජාවෙන් වගේ ඇයි? ’
එහෙම නෑ....’    මම එසේ කියා කරබා ගතිමි. මම බත් එකෙන් කටවල් දෙකට වඩා නොකෑවෙමි. ඔහු නිහැ`ඩියාව බිදිමින් ගැඹුරු හ`ඩ අවදි කර ඔයා කොහෙද? කියා ඇසුවේය. මම බත් කට විගසින් ගිල දමා රත්නවිල කීවෙමි. පසුව මගේ නමද ඇසූ විට මම මං නදීකා ලෙස පිළිතුරු දුනිමි. 
       ‘ෂා ලස්සන නමක් නම වගේම ඔයත් ලස්සනයි’  ඔහු කීෙවේය. එහෙමද කියා මම ඔහු දෙස බලා සිනාසුනෙමි. අපි බත් එක කන ගමන් බොහෝ දේවල් කතා කලෙමු. ඔහු පැවසු පරිදි ඔහුගේ නම තුසිත පදිංචිය අවිස්සාවේල්ලේ බව මම දැනගත්තෙමි.
        
මාගේ පලමු පඩියෙන් මා හට අවශ්‍ය වියදම ඉතිරිි කරගෙන අම්මාට ඉතිරි සල්ලි සියල්ලම මම තැපැල් කලෙමි. වැඩපලට ගොස් පළමු මාසෙන් පසු මාගේ ජීවිතයට ආදරයක් ලංවෙන්නට විය. ඒ වෙන කවුරුත් නොව තුසිත අයියා ය. ඔහු නිතරම මා ගැන සොයා බැලුවාය. දිනක් වැඩට ගිහින් කොන්ක‍්‍රිට් පාරදිගේ එන විට ඔහු 

නංගි මම කාරනයක් අහන්නද?’   යනුවෙන් පැවසුවිට
 මම  ‘හ්ම්....’  කියා පමණක් කීවෙමි.   ‘මම ඔයාට ආදරෙයි ඔයත් මට ආදරෙයිද?’    කියා ඔහු ඇසුවේය. මගේ කන ඇතුලේ හෙන හ`ඩ පුපුරනවා මෙන් විය. මුලු සිරුරම දැවෙනවා මෙන් දැනිණි. මම මුකුත් නොකියාම ගමන නිමා කලෙමි. පසුදාත් රාත‍්‍රියේ මා වැඩපලෙන් පිටත් වුනෙමි. ඔහු මා සම`ග වෙනදා මෙන් ගමන් කලේය. එකවර මගේ අත තදින් අල්ලා ගත් ඔහු    ‘නදී ඔයා මට තවම උත්තරයක් දුන්නැහැ’  කීවේය. මම ඔහුගේ දෑස් දෙස එකවර බැලීමට නොහැකිව බිම බලා  ‘මමත්  ඔයාට ආදරෙයි’  කියා සිහින් හඩින් පැවසුවෙමි. අපි එදින සිට ආදරවන්තයන් ලෙස හැසිරෙන්නට විය. ඔහු ඔහුට පුලුවන් හැම මොහොතකම මා සමග කාලය ගතකළේය. දිනක් රාත‍්‍රි 11 ට පමණ දොරට තට්ටු කළ ඔහු මට ටිකක් කතා කරන්නට අවශ්‍ය බව පවසා මගේ කාමරයට පැමිණ 
 ‘ඔයා මේ කාමරේ ඉද්දි මට තනියම නින්ද යන්නේ නෑ ඒකයි’
හ්ම්.... එකනම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි.’
ඇයි ඔයාට එහෙම නැද්ද  ඔහු ලයාන්විත ලෙස මාගේ දෑස් දෙස බලා ඇසුවේය. මට එම මොහොතේ දැනුණු හැගීම්බර බවත් සම`ග ඔහුට තුරුල් විණි. කොන්ක‍්‍රීට් බිත්ති හතරක් මැද අපි එදා රාත‍්‍රියේදි ගෑනු මිනිසුන් වුණෙමු. රාත‍්‍රිය පහන් වන විට මට හිමි වු ඒ සුන්දර යෞවනය පවිත‍්‍රතාවය ඒ මොහොතේ දී ඔහු ආදරයේ නාමයෙන් ඔහුගේ කර ගත්තේය.
       
දිනෙන් දින ගතවෙද්දී මම ඔහු කවුරුදැයි හොදින් හැදින ගතිමි. මා නොදැනීම බොහෝ පිරිමින් අතර මාගේ ආදරය බෙදී ගොස් ය. මගේ ජීවිතය විනාශ වී හමාර ය. නමුදු මා දැන් මිනිසුන් නොමිනිසුුන් කවුරුන්දැයි හොදින් හදුනමි. මගේ පුංචි අම්මාද එහි සාමාජිකාවකි. ඇයද මේ සමාජය තුළ මිනිසුන් අතිනත යන තවත් එක් ගැහැණියක් පමණි. මා මුදල ජීවිතය කරගත් ගැහැනුන්ගේ හැබිලි පුරවන කාම සල්ලාලයන්ගේ අවශ්‍යතා ඉටුකරදෙන ස්ථානයක අධිපතිනියක්ව රජ බත් කෑවේ මීට වසර ගණනකට පෙරය. මා  අද සිරබත් බුදින්නේ මා සමාජගත වූ ආකාරයේ වරදක් නිසාද කියා නොදනිමි.